Skip to content

Lyrics

සිංහල
සිත ගාව මා නැවතී එදා ඔබ ඉන්න මට ළං වෙලා නෙතු හඬනවා ඔබ නෑ කියා මේ හිතද අද තනිවෙලා අපේ පෙම් කතා බොඳ වී ගියා අපි අපිට හිමි නැති නිසා එක්වෙන්න බෑ අපි දුර නිසා හිත් දෙකම දෙතැනක තියා පාළුවේ මා දමාලා ඔයත් ගියදා මාව හැරදා ජීවිතෙත් විඳවනවා මේ වේදනා බර වැඩි නිසා........ ඔබ ළඟින් උන්නු කාලයේ මා සිතින් පිදුව ආදරේ යළි දෙන්න බෑනේ පෙර වාගේ තනිවෙලා ඉඳිමි ජීවිතේ පාළුවේ මා දමාලා ඔයත් ගියදා මාව හැරදා ජීවිතෙත් විඳවනවා මේ වේදනා බර වැඩි නිසා........ නෙතු පියන්න මගේ ජීවිතේ අවසරයිද මගේ ප්‍රේමියේ මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබ එන්නේ නැද්ද ආදරියේ පාළුවේ මා දමාලා ඔයත් ගියදා මාව හැරදා ජීවිතෙත් විඳවනවා මේ වේදනා බර වැඩි නිසා........ සිත ගාව මා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.