Skip to content

Lyrics

සිංහල
ඔබේ උකුල මත හිස තබලා ඔබ හට මං සැම දුක් කිව්වා මා හඬනා විට සිත සදලා අම්මේ ඔබ ඔවදන් දුන්නා නැලවිලි ගීයක් වූවා සැමදා සුළැඟිල්ලේ ඔබේ එල්ලීලා පාසැල වෙත මා පිය මැන්නා මා දිවියට නිසි මග පෙන්වා අම්මේ ඔබ මට දිරි දුන්නා සසර පුරා නුඹ මගේ මව වේවා...... ලේ කිරි වූයේ ඔබේ සෙනෙහේ නිසා කරුණාවේ අරුතත් ඔබම තමා මා නැලවූයේ ඔබේ තුරුලේ හොවා පින් කෙරුව නිසා ඔබෙ පුතෙකු වෙලා....... ගුරුහරුකම් මා හට දුන් දා ඔය දෙනෙතින් මා ලොව දුටුවා මා මුවඟේ හසරැල් කැඳවා අම්මේ ඔබ කඳුලැල් සැලුවා සෙවණැල්ලක් වී මා ළඟ සිටියා දස මාසේ මා කුසේ දරා ඔබ ඉසිලූ බර නැත නිම්මා මා ජීවයේ පණ නල වූවා අම්මේ ඔබ මතු බුදු වේවා අම්මා සැම මුවකම මිමිණේවා....... (ලේ කිරි වූයේ ඔබේ සෙනෙහේ නිසා කරුණාවේ අරුතත් ඔබම තමා මා නැලවූයේ ඔබේ තුරුලේ හොවා පින් කෙරුව නිසා ඔබෙ පුතෙකු වෙලා)...

More by Chamin

View all songs by Chamin →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.