Skip to content

Lyrics

සිංහල
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා මා ... ආ ... ආදර මගේ අම්මා මා ... ආ ... ආදර අම්මා ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා මගේ ලෝකය, මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා මා ... ආ ... ආදර මගේ අම්මා මා ... ආ ... ආදර අම්මා කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා මා ... ආ ... ආදර මගේ අම්මා යන එන තැන විමසා මා පසු පස උන්නා හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා මා ... ආ ... ආදර මගේ අම්මා නපුරු වෙන්න එපා .../

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.