Skip to content

Lyrics

සිංහල
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා මා ආදර මගෙ අම්මා මා ආදර අම්මා ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වා මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා මා ආදර මගෙ අම්මා මා ආදර අම්මා කඳුළු බිංදු හංගා මට සුර සැප දුන්නා රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා මා ආදර මගෙ අම්මා යන එන තැන විමසා මා පසුපස උන්නා හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිවුවා නිවැරදි මඟ පෙන්වා ගුරුහරුකම් දුන්නා ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා මා ආදර මගෙ අම්මා නපුරු වෙන්න එපා කියලා .... ඇගෙ ආදර ලේ කිරි ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.