Skip to content

Lyrics

සිංහල
ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න කඳුලින්ම හැඬුවත් සදා හිනැහෙන්න ආස මාව පුළුවන්ද පාරවන්න මට මේ තරම් රිදුම් තියා හමුවන්නේ නෑ ආයේ කිසිදා ඔයා මගේ දෑස තියෙනා තුරා....... ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න කඳුලින්ම හැඬුවත් සදා....... ආදරේට පාට ගාපු දාලා යන්නේ නෑ කියාපු වචන කොහේද සැඟවුණේ මෙදා හීනෙකින් පවා ගෙනාපු හාදු කෝ කියන්න දීපු සුවඳ තාම දැනෙනවා එදා හමුවන්නේ නෑ ආයේ කිසිදා ඔයා මගේ දෑස තියෙනා තුරා....... ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න කඳුලින්ම හැඬුවත් සදා...... සැමදා ළඟින් ඉඳපු ජීවිතේම බාර දීපු ඇයි ඔයා වෙනස් වෙලා සදා මාගේමයි කියා සිතාපු හුසමටත් ළඟයි කියාපු කාලයත් ගෙවී ගිහින් නිසා....... හමුවන්නේ නෑ ආයේ කිසිදා ඔයා මගේ දෑස තියෙනා තුරා....... ඔබ දුන්න වේදනාව........

More by Buddhika Rambukwella

View all songs by Buddhika Rambukwella →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.