Skip to content

Lyrics

සිංහල
මන්දාරම් අඳුරේ තෙමුනා වස්සානේ හමන සිහිලැල්ලේ වෙලුනා මා හර්දේ කොඳුරා පැවසු දේ මතකයි අද වගේ දුටුවන්ගේ හද ඉන් කැළඹුනේ සරනා විහඟුන් සේ දෙදෙනා උන් කාලේ උයනක් වූවා මේ පෙම් පාරාදීසේ තාමත් සිහි වන්නේ චයාවන් නුඹගේ නොමැකෙ මතකයන් අපගේ සුන් වුණා සුන් වුණා පැතූ පෙම් පැතුම් සුන් වුණා තනි වුණා තනි වුණා ප්‍රියේ මා සොවින් තනි වුණා අයෙකුට අප සෙනෙහස ඉවසුම් නැති වග තේරුණා අපට උරුම පෙම බිඳලන්නට ඔහු වෑයම් කළා කෙසේදෝ නුඹ අන් අයෙකු හට පුද කර හදින් වාවන්නේ මා සුහදයෙකු නොව හෙතෙම අප තුල අවිශ්වාසය ඇති කළා සුන් වුණා... පෙර මිතුරු නමුදු ඔහු නිසා මගෙන් ඔබ වෙන් වුණේ ලඟින් සිටි නමුදු ඔහු පිටුපා බව අදයි වැටහුනේ නොදැනදෝ නුඹ අනෙකුගේ රළු මුසා වදනට රැවටුනේ සුළු වුණාදෝ මුළු හදින් මා පුද කළා වූ ආදරේ සුන් වුණා... දැල් වුණා දැල් වුණා හැදේ ශෝක ගිනි දැල් වුණා බොඳ වුණා බොඳ වුණා මැවූ මාලිගා බොඳ වුණා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.