Skip to content

Lyrics

සිංහල
සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි (දහඩිය හෙලා කදුලැලි දරා සෙනෙහස පුදා මා දැඩි කලා).. සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි... (බත සරිකරන්නට දිවා රෑ ඔබ නිදිවරා බෝ වෙහෙසුනා).. කුසගිනි දරා ඔබ මගේ කුසගිනි නිවන්නට නිති කැපවුනා.. සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි... (නොමිනිසුන් මැද මිනිසෙකු ලෙසින් ජය ලබන්නට සිප් කිරි පෙවූ).. පියතුමණි ඔබ බුදු වන දිනේ මම රහල් පුතු වී උපදිමි.. සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි... (දහඩිය හෙලා කදුලැලි දරා සෙනෙහස පුදා මා දැඩි කලා).. (සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි)..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.