Skip to content

Lyrics

සිංහල
සිතුවම් කළා ඔබේ හසරැල් මවා හිත් අහසේ දේදුන්නේ සායම් කවා සඳ සිතේ ඔය දෑතේ තුරුලට වෙලා තරු රැනේ අපි උන්නා මුළු රෑ පුරා රෑ අහසේ තරු අතරේ සැඟවුණිදෝ ප්‍රිය සොඳුරේ..... මියැදෙන්නම් මතු භවයේ හමුවෙනතුරා........ ගං ඉවුරේ තුරු සෙවණේ අපි පෙම් කළා මුදු දෙතෝලේ උණුහුමට මා නතු කළා මියැදෙන්නෙත් අපි එකටයි ඔබ කොඳුරලා (අමතක නෑ පැවසූ හැටි මට දිව්රලා....... ) රෑ අහසේ තරු අතරේ සැඟවුණිදෝ ප්‍රිය සොඳුරේ..... මියැදෙන්නම් මතු භවයේ හමුවෙනතුරා........ නිල් සයුරේ සුදු වෙරළේ සැනසුම් ලබා ළය තුරුලේ රළු පහසේ මා සතපලා ඔබ උන්නා තුරු අතරේ අද සැඟවෙලා (අපි දුර නෑ දැවටෙනු මැන සුළඟක් වෙලා..... ) සිතුවම් කළා......

More by Anushka Perera

View all songs by Anushka Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.