Skip to content

Lyrics

සිංහල
තුන් සිංහලේ ජය ගෙන එනා තණ නිල්ලේ දිදුලන්නේ එකොළොස් දෙනා එකමුතු වෙලා ඉදිරිය කරා යමු ආයේ අපේ කිරුළ ලැබෙනා තුරා ශක්තියයි සහයෝගයයි එඩිතරව සටන් වැදිලා පන්දුවෙන් පිත්තේ දස්කමින් අපි සියතට ජය ලබනා... විස්සයි විස්සේ කප් එකේ සිංහ සේයා හැදේ හදගැස්ම ලය මතේ සිංහලේ නම රැඳේ ඒ නාමේ රැකගන්න සිංහ නාදේ පතුරන්න ලෝක කුසලානයේ පුරා දිව එන්න පිළිගන්න හිස කිරුලු පළඳන්න සුබ පතමු අපි එක්වීලා... ජය ජය ජය වේවා... Dilscoop එක වදිනවා score එක නගිනවා සංගාගේ ලකුණකින් ජය ඝෝෂා නැගෙනවා යෝකර්ම අමුණන්න මාලිංග දිව එන්න කඩුලු යන්නට ගැලවිලා තිසරයි කුසල් එන්න හය හතර එලවන්න දිනුම සියතින් දරා... තුන් සිංහලේ... ලකුණුත් ලබා කඩුලුත් දවා ලංකාවේ අභිමානේ සියතට දරා ශක්තියයි සහයෝගයයි එඩිතරව සටන් වැදිලා පන්දුවෙන් පිත්තේ දස්කමින් අපි කුසලානේ සියතට දරා...

More by Amplifirez

View all songs by Amplifirez →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.