Skip to content

Lyrics

සිංහල
හෝයියා හෝයියා-හෝයියා හෝයියා හෝයියා හෝයියා-හෝයියා හෝයියා හෝ...... හෝයියා හෝයියා-හෝයියා හෝයියා හෝයියා හෝයියා-හෝයියා හෝයියා හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා... හෝයියා හෝයියා-හෝයියා හෝයියා මහ මුහුදේ ඈත ඉඳන් වෙරළ බලා දවස පුරා... දවස පුරා වෙරළ බලා දවස පුරා.. රැළි පිට රැළි පෙරළි පෙරළි ඇදෙනවා හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා... හෝයියා හෝයියා-හෝයියා හෝයියා ජීවිතයත් මුහුද වගේ නිමක් නැතේ කොනක් නැතේ යනවා ආපහු එනවා... කරදර දුක් ගැහැට මැදින් කඳුළු මැදින් සුසුම් මැදින් සෑමදාම එක වාගේ ඇදෙනවා... හෝයියා හෝයියා-හෝයියා හෝයියා රෑ යාමේ ඝන අඳුරේ හෙණ හඬ විදුලිය අතරේ වැහි නොබලා පිනි නොබලා කුණාටු දිය වැල් නොබලා හීතල හිම සුලං මැදින් මරුට හොරෙන් සෙමෙන් සෙමෙන් ඈත එපිට දියඹ බලා ඇදෙනවා... හෝයියා හෝයියා-හෝයියාහෝයියා හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.