Skip to content

Lyrics

සිංහල
මිතුරා කිව්වම එක වගේ නොව සැම හතුරා උනාම දොස් කියයි නිතරම හතුරා උනාම දොස් කියයි නිතරම මිතුරා කිව්වම එක වගේ නොව සැම කාසි අත මිටේ ඉඩ කඩන් රට තොටේ වාසි නැති විටේ මිතුරෝ සිටිති අප වටේ වාසි නැති විටේ මිතුරෝ සිටිති අප වටේ කාසි අත මිටේ ඉඩ කඩන් රට තොටේ බඹරා මල් පුබුදා රොන් අරගන්නේ මොණරා පිල් විහිදා ලස්සනට නටන්නේ ගසක පල හැදිලා වවුලන් පොරකන්නේ එයි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ චුට්ට බත් කියා නිතර පනී මෝඩයා පාපිස්ස මිත්‍රයා විස ඝෝර සර්පයා පාපිස්ස මිත්‍රයා විස ඝෝර සර්පයා චුට්ට බත් කියා නිතර පනී මෝඩයා ගොඩින් නැව නොයයි ඒ වගෙ රියත් දිය නොයයි සුදනා ගතිම යයි කිසිවිට හොඳක් නොම කරයි සුදනා ගතිම යයි කිසිවිට හොඳක් නොම කරයි ගොඩින් නැව නොයයි ඒ වගෙ රියත් දිය නොයයි බඹරා මල් පුබුදා.... මිතුරා පමණකි කළ හොඳ නොහොඳ දන්නෙකි හතුරා නපුරෙකි එය සේවනය විපතකි හතුරා නපුරෙකි එය සේවනය විපතකි මිතුරා පමණකි කළ හොඳ නොහොඳ දන්නෙකි යුතුකම දන්න දුක් සැප දෙකටම ඉන්න මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න යුතුකම දන්න දුක් සැප දෙකටම ඉන්න බඹරා මල් පුබුදා....

More by Wallie Bastien

View all songs by Wallie Bastien →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.