Skip to content

Lyrics

සිංහල
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමී... (ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... ) නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී... (ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.