Skip to content

Lyrics

සිංහල
මේ අපේ අවසානයයි ආදරේ මෙතැනින් නිමයි නොහඬා කඳුලු සඟවා අපි අපෙන් දැන් සමුගමු ආදරේ නාමෙන් මතූ මේ භවේ මට අහිමි වූ නුඹගේ වෙන්න පෙරුමන් පුරමි ජීවත් වන තුරූ (මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ මතු සසරෙ කවදාක හරි හමුවෙමූ).. වෙනස් වෙන්නෙ නෑ මේ හදවතේ ඇති ආදරේ මගේ හිත සොයන්නේ නුඹවමයි හැම තත්පරේ නොලැබෙනා බව දැනත් ආදරේ අහසත් තරම් මේ හිතේ නිධන් කෙරුවා ආදරේ මහිමයෙන් (මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ මතු සසරෙ කවදාක හරි හමුවෙමූ).. අහිමි වෙන්න දේකුත් නෑ තවත් මගෙ ජීවිතේ මගේ කියලා හිටියෙත් ඔයා විතරයි පෙර දිනේ තනිකඩයි තවම මං නුඹට පමණයි ආදරේ නුඹේ නාමෙන් දිවි පුදන්නන් ආදරෙයි වස්තුවේ මේ අපේ අවසානයයි.... (මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..

More by Thushara Jeewantha

View all songs by Thushara Jeewantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.