Skip to content

Lyrics

සිංහල
ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං සදාපු කූඩුව මං මුලදි කැඩී බිඳී සිඳී ගියා ඒ හින්ද තව එකක් සදාලා ආවේ එක්ක යන්න මං ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා යයිද මේ කූඩුවත් කැඩීලා ඔබ මාගේ ළඟ ඉන්නවානම් සෝකෙත් සැපක් සේ දැනෙයි ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං රසබර පල වැල නෙලාලා කූඩුව වෙතට ගෙන ඇවිල්ලා ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම් ලස්සන කිරිල්ලී මෙ මාගේ උදෑසනෙන් මම පිබිදීලා පෙම්බර ගීතයක් ගයාලා ඔයාගෙ සිත තුටින් තබන්නම් ලස්සන කිරිල්ලී මෙ මාගේ ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.