Skip to content

Lyrics

සිංහල
අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලට ලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලා ආවෙමි මම සිය රට බලලා මගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තම වැඳ වැඳ කීවා නවතින්න ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද හිතලා මතලා හොයලා බලලා කෝපි කාලෙ මෝඩ තාලේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන් මුළු ලොව බය කල මහා ත්‍රස්තවාදියා Bin Ladin අල්ලගන්න George Bushට බැහැලු ඔන්න මට කියනවා අල්ලලා දෙන්න ජාත්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්නේ නෑනේ මම ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි... Hollywood පුරයේ නිළි රැජින හමුවෙලා ඇමරිකාවේ සුනිල් ඉන්න ඉඳලා මාව මැරි කරන්න කිය කිය වද කෙරුවා ජූලියා අපේ ගෙදර නෝනා දැන ගත්තොත් ජූලි හතයි මළ කෙලියයි ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි... ලෝකෙම ජනප්‍රිය ගායිකාව මැඩෝනා මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනෙමයි කියලා දවස් ගනන් පස්සෙන් ආවා අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම කලොත් ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි... ක්‍රිකට් ලොවේ කුසලානේ ලංකාවට ගේන්න වොට්මෝර්උත් එක්ක බෑනේ සුනිල් අයියා එන්න ඕනේ සනා බෝයි අඬ අඬ කිව්වා අයියෝ කෝච් කරන එක සිම්පල් බෝඩ් එකේ ඇතුලෙ කචල් ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි... (කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්)..

More by Sunil Perera

View all songs by Sunil Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.