Skip to content

Lyrics

සිංහල
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ මාල පොටේ මුතු අමුණා මුවග අගේ දෙපෝ දාට අහසේ තරු රෑන වගේ ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ නළල් තලට මුතු තැලි පට කිමද දඟේ අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ සැනසිල්ලට දුරු රටකට යමුද නගේ නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.