Skip to content

Lyrics

සිංහල
මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් (දෑස් දුන් මිනිසා සොයා).. කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු (මැරෙන ඉපදෙන රළ දිහා).. ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුණා ඔහු (තවම තනිකඩයැයි කියා).. මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් (දෑස් දුන් මිනිසා සොයා)..

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.