Skip to content

Lyrics

සිංහල
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ මලින් මලට... අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ මලින් මලට...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.