Skip to content

Lyrics

සිංහල
මගේ සෙනෙහස මෙතක් වේයැයි මනින්නට ඔබ උගන ගෙන නැත තව මගේ අවසන් සුසුම පමණ ද අවැසි ඔබ හට මා දකින්නට මාගේ අවසන් සුසුම පමණ ද අවැසි ඔබ මට මා දකින්නට මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව වසර ගණනක් යොදුන් ගණනක ගමන් මඟ ගෙවා ඇත්තෙමු තරු වියන් මත කුසුම් පෙති යට දෑත් පටලා ඇවිද ඇත්තෙමු එහෙත් සුහදේ මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන ගෙන නැත තව පිදෙන කුසුමක මිලින සිහිනෙක මගේ සිහිය ද සැඟව ගත් කල සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැදි බව එහෙත් සුහදේ මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.