Skip to content

Lyrics

සිංහල
කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමේ හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ වක්කලමේ තොටමුණ ළඟ දියරළ සැඩ නැතේ ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ ලැජ්ජාවෙන් මුව රතු වී නෙත් ඔබාන ගිලේ නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ කුඹුක් ගහේ මල් පිපිලා... උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ මට විතරක් ඇහුනම ඇයි හොඳ නැතිවද නගේ හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ ඉලූක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ ඉලූක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ කුඹුක් ගහේ මල් පිපිලා...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.