Skip to content

Lyrics

සිංහල
ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ ලොකු ලොකු මාලු බත රස කර දෙන්නේ ධීවර සොයුරෝ නැතිදා දෙල් කන්නේ හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ කිරිබත් කාලා සුබ වැඩ අරඹන්නේ...... මහ රෑ සුළඟේ රැල්ල නැගීලා මරු හා සටනේ පිම්ම ගසලා අව්වේ වේලී ගොයම් කපාලා පාගා ගත්තේ ශක්ති යොදලා අපි හේල හෙලෙයි කියාලා මහ මුහුදේ සටන් කරලා අර මාළු දැලක් ඇදලා අත මිට මොලවන්නේ අපි ගොයම් කවිය කියලා රන් කරල් යසට කපලා ගැට බෙරේ ගහලා නටලා බැත හුලං කරන්නේ...... ඔරුවේ නැගලා..... වැහැලා වැහැලා කුණාටුව ගසා ඔරුවේ වැඩ නෑ වාරකන් නිසා පායා පායා වැස්ස නැති නිසා ගොවියෝ ලතැවේ අතේ හිඟ නිසා ඒ ඔබෙයි මගෙයි දෛවේ ධීවර ගොවි හද රාවේ අපි දුක සැප දෙක හමුවේ එක වගේ රඟ දෙන්නේ මේ ඔබයි මමයි යාළු බඩගින්න එක නිසාලු මට කවාපන්කෝ මාළු අපි අයියා මලෝ යාළු..... ඔරුවේ නැගලා.....

More by Sunflowers

Weri Mata Hodatama Weri

Sunflowers

Baila

වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ කොක්ටේල් කියලා කලවම...

Yama Lowa Ipaduna

Sunflowers

Baila

(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමිකාරයෝ ඔබ සැම හඳුනන, නම කිව්වම බය...

Unnath Gaja Ilandari Gamak Purawala

Sunflowers

Sindu

උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා බැලුවොත් එක පා...

Thoppi Welendek

Sunflowers

Sindu

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් කර තියන් ගියා චුට්ටක් වැඩියෙන් අරගත් හි...

Sayurada Nidana Welawe

Sunflowers

Sindu

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ දියබට පදින වලාලේ හේ.. හෙලාලේ පාලා සවි දෑතේ ඇදේ මාළු...

Meha Iwure Thanakola Kana Gona

Sunflowers

Sindu

මෙහා ඉවුරේ තණකොළ කන ගොනා එහා ඉවුරේ තණකොළ දකිනවා මනා මෙහෙට වඩා එහෙ හොඳ යයි සිතා එ...

View all songs by Sunflowers →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.