Skip to content

Lyrics

සිංහල
යන්තම් බලාන ඉන්න නිල් දෙනෙත් දිහා මට ඩිංගක් ඉඩක් තියේවිද බැල්මන් හෙලාන ඉද්දී තාමත් ඔයා ආයේ ආයෙත් අහන්න ඕනද ඉල්ලන්නම් දිනක ඇවිදින් මං හිතම ළඟකින් තියාගන්නට මං තාමත් ඉන්නේ ඒ වෙනකල් තාම හැඟුමන් දැනී නැතිවට........ මේ තරම් දවස් බලාන උන්නේ මා හිතට හීන ගේන ඒ වදන් කියයි කියා බලා ආදරේ වදන් නොකීවමුත් මා දන්නවාද මේ දෙනෙත් හුඟක් දවස් කතා කළා ඒ නෙත් කතා මටද නැංවේ ඔයා වෙන කාටදෝ ඔබට විතරයි සදා ළමැදේ උණුහම් සොයා දෑතේ තනිකම් මකා තුරුලේ ළං වී ළඟින් ඉන්නදෝ....... සත්තකින් පැතුම් ගොඩක් හිතේ තියා මං ඉන්නේ නින්ද නෑ රැයෙත් ඔයා ඇවිත් ගියා මේ හිතෙත් කතාව ඔය වගේ කියා නොදන්න සේම ඉන්නේ ඇයිද දැන දැනත් ඔයා ආසයි බලා ඉන්න ඔය ඇස් දිහා ඉන්නම් ඉතින් ළංව මියෙනා තුරා....... ළමැදේ උණුහම් සොයා දෑතේ තනිකම් මකා තුරුලේ ළං වී ළඟින් ඉන්නදෝ....... යන්තම් බලාන.........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.