Skip to content

Lyrics

සිංහල
මනසෙ දොරගුළු කඩාලා ආදරේ කල ඔයා මිරිඟුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියෙ මා තරහක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැඟවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිඳිමි මා තවමත් රූපෙ ඔබගේ රහසේ මම තියා මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා ජීවිතේට ආදරේ හීනයේ තියා වාසනාව මා වෙතින් පාවෙලා ගියා නොඑනා දුරක සිටියත්.... මිහිදන් වෙච්ච අපගේ ඇසුරේ අග සොයා අදටත් එදා වාගේ මම දුක් විඳිනවා සාගරේක වේදනා රංචුවක් මෙදා හීසරේක වේගයෙන් ආවා මා කරා නොඑනා දුරක සිටියත්.... මනසෙ දොරගුළු කඩාලා ආදරේ කල ඔයා මිරිඟුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියෙ මා තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නොඑනා දුරක සිටියත්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.