Skip to content

Lyrics

සිංහල
ඉක්මන් නොවීලා කල්පනාවෙන් එදා අපි විසඳුවා නම් ප්‍රශ්න දොඩමළු වීලා සැඟවිලා මාගෙන් ඔබ නෑ ඔහොම ඉන්නේ කවදාකවත් මගේ දෑස කඳුලින් තෙමා පව් පිරෙන්නෙපා මා කෙරෙන් ඔයා වෙන් වෙලා දුරක් ගියාට කාටවත් හොරා...... සංසාර ගමනේ ආදරය ඔබගේ සීරුවට කටුගා මා දුරින් හිඳින්න ඇති ඒ පුරුදු හමුවේ මේ ලැබුණු භවයේ මට ඔබගේ සෙනෙහේ මග හැරිලා යන්නැති පව් පිරෙන්නෙපා මා කෙරෙන් ඔයා වෙන් වෙලා දුරක් ගියාට කාටවත් හොරා...... මියැදෙන්න රිසි සේ තුරුලේම ඔබගේ පෙරදාක මං රැස් කෙරුව පින් මදි ඇති වෙන් වීම අපගේ දෛවයේ පිටුවේ බොඳ නොවෙන අකුරින් ලියැවී තිබෙන්න ඇති.... පව් පිරෙන්නෙපා මා කෙරෙන් ඔයා වෙන් වෙලා දුරක් ගියාට කාටවත් හොරා...... ඉක්මන් නොවීලා.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.