Skip to content

Lyrics

සිංහල
දුටු සැණින් ඔබ මගේ හදවතේ නැවතුණා මට ඔබේ ඇස් දෙකෙන් වෙන් වෙලා බැරි වුණා අපි අපේ හිත් වලින් මොහොතකින් ළං වුණා මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා ගත සියුම් තැන් පවා ඔබේ රුවින් මත් වුණා නුඹ හුස්මන් පවා නැවතුණා හිරවුණා ආදරේ උණුසුමත් හිත පුරා ඉතිරුණා (මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා....... ) හීනයක්ද මේ හැබැහින් දකිනා මාව තෙමනවා ස්නේහයේ වරලසේ ඔය නෙතින් මගේ ජීවිතේ පෙනුනා ආදරෙන් එක වරක් බැලුවත් මට ඇති නිසල ජීවිතේ තනිව ආ මගේ නැවතුණේ ඒ ඔබයි සුහදේ..... ඔබෙත් මගෙත් පැතුම් එකමදෝ හිතට අරන් මහ මෙරක් සේ ගියත් ආදරේ ළඟ තියා ඔබ මගෙයි මා ඔබෙයි අපි අපේ වෙයි සදා මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා දෛවයේ ලිවු ලෙසින් ඔබට මා හුමුවුණා පෙම් කරන්නට හිතක් මට ඔබෙන් හිමිවුණා පෙම් කතාවක් ලොවේ අපේ නමින් ලියැවුණා මට ඔබේද ඔබට මගෙද පෙම් හැඟුම් තේරුණා....... තේරුණා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.