Skip to content

Lyrics

සිංහල
ඔබ මගේ මතකය වෙලා හිත ළඟ ඉන්නවා බලා වෙන් වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා එක්වුණු තැනදිමයි හිමි වුණේ වේදනා මට උහුලගනු බැරි ඔයා වෙන් වුණු තැනම මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා........ වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ මං තාම මග බලනවා අඩුවක් කළේ නෑ කිසිදාක සෙනෙහේ නුඹ හොඳට එය දන්නවා (කවදාක හෝ කඳුළක් රැඳි ඔය දෙනෙත නම් හඬවනු එපා මේ හිත මගේ විඳවන හැටි කිසිදාක නම් දැනගනු එපා....... ) හිත සතුට උදුරා කාලය ගියාවේ කඳුළකට හිමිකම තියා මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ මං තනිව ඉන්නම් සදා (කවදාක හෝ කඳුළක් රැඳි ඔය දෙනෙත නම් හඬවනු එපා මේ හිත මගේ විඳවන හැටි කිසිදාක නම් දැනගනු එපා....... ) ඔබ මගේ මතකය........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.