Skip to content

Lyrics

සිංහල
මායාවී සේයාවේ ඔබේ ආදරේ සඟවා පායාවී හිරු සේ මා මගේ ජීවිතේ පුබුදා රෑ දිවා නුඹ ගැන සිතා නෑ සිනහවෙන් මිදිලා මා සොයා එනුමැන ප්‍රියාවිය ආදරේ කියලා හිනැහුනා නුඹ නිසා... හීන ගේනා ඈව ‍‍ඕනා ජීවිතේ පුබුදනා දෑස මානේ පෑව බැල්මක ජීවිතේ ලියැවුණා සුළඟ ගේනා සුවඳ ගානේම ඔබගේ සුව සිහිවුණා ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා හිනැහුනා නුඹ නිසා... පෑව සෙනෙහේ ප්‍රේම ගීතේ තනු අතරේ ලියැවුණා ඇයව මාගේ වෙන්න ඕනේ අතැඟිලි මුදු දමා දිනෙක මාගේ දිවිය ආයේ පණ පොවා පුබුදනා ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා (හිනැහුනා නුඹ නිසා... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.