Skip to content

Lyrics

සිංහල
මා දෑසේ රූ මවලා හිත මාගේ හැංගීලා රෑ සිහිනෙන් දැවටීලා සිනාසුනා හමුවූ ඔබ මුල් දිනයේ ඒ සීතල හාදූවේ මට උණුසුම ගෙන ආවේ විඩා නිවා සාගරේ සේ ආදරේ මේ ජීවිතේදී දැනෙනා නෑ ඉමක් ලඳේ ඒ හැඟුම් මගෙ රෑ දිවා සිත මවෙනා රූ ඒ මා ඔබේවී ඉන්න ලංවී ජීවිතේ සුව විඳිනා ඒ දිනේදී හිත පිරේවි ආදරෙන් ලඟ හිඳිනා ඔබ හා අශා රැහැනින් බැඳිලා දිවි අඹරේ ඔබ සඳ සේ පායා දෑසේ තරුමල් පිපිලා හොර රහසේ ආ මග කීවා දෑතින් දෑතම වෙලිලා දිවි උයනේ තුරු සෙවනේ සිටියා උතුරා ගිය රස හැඟුමන් ඔබ හමුවී මා සිත පිරුනා සාගරේ සේ ආදරේ මේ...... දෑසින් දෑසම රැඳිලා නෙත් සරයෙන් හොර රහසේ බැඳුනා නොකියා හද රැඳි පැතුමන් ඔබ හමුවී ගොළුවී සැලුනා දිවියේ හැමදේ ඔබමයි මගෙ ලෝකේ ඔබ සමඟින් බැඳිලා ඔබ හා මා ආ ගමනත් හුරු විලසින් මා හට දැනුනා සාගරේ සේ ආදරේ මේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.