Skip to content

Lyrics

සිංහල
ලොව දසතින් නැගෙන පීඩා කඳුළු මතින් දුක් දොමිනස් නැති බැරි ජීවනය මැදින් එළැඹේ වසන්තය බක් මහා අසිරි සිරින් සුදු පරෙවියෝ පැමිණෙයි හෙළ දෙරණ උඩින්...... නව සඳ නම් නව භග සඳමයි නව භග සඳ නම් බක් මහා සඳමයි බක් මඟුලට මුල සඳ වැඳුමයි නව අවුරුදු සිරියේ රස විඳුමයි...... අවුරුද්දට නව සඳ නරඹා පැණි රහකින් තොල කට පොඟවා ඉරෙන් හඳෙන් බැස අවුරුදු කුමරිය අගහස් කිරිබත පිසුමට එනවා..... නව සඳ නම්...... අළුත් ඇඳුම් ඇඳ හැඩ වඩවා නැවුම් වළං ලිප ගිනි මොළවා පළමු කොටස කුල දෙවියන් පුදටයි කැනැත් අනුව වැඩ අල්ලනු පිණිසයි....... හිරු විමනින් නව අවුරුදු එනවා සඳ විමනින් නව අවුරුදු එනවා......

More by Rashmi Sangeetha

View all songs by Rashmi Sangeetha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.