Skip to content

Lyrics

සිංහල
මේ සයුරු මානේ මා තනිවෙලා මේ සයුරු මානේ මා තනිවෙලා මේ නැව්තලේ සිරවෙලා මා පාළුවේ තනිවෙලා හද වේදනා නොදී සඳේ සැඟවෙන් නිශා තලාවේ මේ සයුරු මානේ මා තනිවෙලා සීත සුළඟේ පාව එන්නේ සුවඳයි මතකයේ හසුනක සැඟවී මා හඬවාලා මුමුණයි හඬ ඔබේ දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ කවදා කෙලෙසින් ඔබ වෙත එන්නේ වද දෙයි සිත මගේ ප්‍රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුලින් ජීවිතේ සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ තාරකා මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා සිත සතපවනා නැව්තොට පෙනිලා ආශා පිබිදුනේ මිනිසෙකු වනු මිස දෙවියෙකු නොව මා වටහා ගනු මැනේ මේ සයුරු මානේ මා තනිවෙලා මේ සයුරු මානේ මා තනිවෙලා මේ නැව්තලේ සිරවෙලා මා පාළුවේ තනිවෙලා හද වේදනා නොදී සඳේ සැඟවෙන් නිශා තලාවේ මේ සයුරු මානේ මා තනිවෙලා

More by Raj Wickramasinghe

View all songs by Raj Wickramasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.