Skip to content

Lyrics

සිංහල
මතකේ තුරුල්ලේ දුර ඈත රහසේ සැඟවී තිබූ පෙම් කතාවක් කාලෙකට පස්සේ නෙත් ගැටුණු පහසේ සැඟවී මැවේ තව වතාවක්...... නුඹේ සොඳුරු වතතුඩු සිත්තම් කළ මා අහසේ මට තාම මතකයි පාට ගෑවා දේදුන්නේ ඔබේ ළයට තුරුල් වී මට ඉන්න ඇත්නම් ජීවිතේ මුළු ලොවම හැරදමා හිඳින්නම් ඔබ එනකම්....... මතකේ තුරුල්ලේ...... සුළඟක්ව ඇවිදින් මා සිහිනයේ ඔබ දැවටුණා වළාවක සැඟවෙලා ඇයි ඈතට පාවුණේ මල් නොදුටු වසන්තේ නුඹට හඬගසයි සොඳුරේ නුඹ දුන්නු මතකයේ රැඳෙන්නම් ඔබ එනකම් අළු පාට සිහිනයයි මේ බොඳ වී තිබෙන්නේ සෙනෙහින් හොරැහින් හඬගසන්නේ මේ මා නුවන් සැඟවී මැවේ නුඹේ චායා...... මතකේ තුරුල්ලේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.