Skip to content

Lyrics

සිංහල
පවුරකින් නොබිඳෙනා ප්‍රේමයම බර්ලින් වුනා මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා සිනහා වෙලා ලංවෙන්නි සියල්ලක්ම පාහේ දන් දුන්නි හඬාලා ලං වෙන්න දීලා සිප ගන්න කියලා ආදරය වින්දා මා හා ඈගේ නම කොද්රේ කොද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කොද්රේ.. කොද්රේ.. යලි නුඹේ සුවඳ විඳගන්නට සිතුනා ආයේ නුඹගේ ලයතරේ තනිවෙන්නට ඇත්නම් කොද්රේ බර්ලිනේ හැරදා නුඹ ඒ නම් නිල් නුවන් දිලිසුනා ප්‍රේමයට රාගය කියා නුඹේ වතින් දිස්වෙනා උණුසුමට මා මත් වුනා කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවටි සුව වින්දා දැහැනින් මා මුදා යලි එන්න සිතුනා හමුවන්න මතුදා සිතුවේ මං සැමදා ඈගේ නම කොද්රේ.... ඇගේ බසින් කියූ වදන් මතකයේ රැඳුනා දුර ඉඳන් මේ තරම් වේදනා වින්දා කොද්රේ.. කොද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කොද්රේ.. කොද්රේ.. තවත් මතක සිරවී කඳුලක තියෙනා කොද්රේ.. කොද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා කොද්රේ.. කොද්රේ.. යලි නුඹේ සුවඳ විඳගන්නට සිතුනා ආයේ නුඹගේ ලයතරේ තනිවෙන්නට ඇත්නම් කොද්රේ බර්ලිනේ හැරදා නුඹ ඒ නම්

More by Piyath Rajapakse

View all songs by Piyath Rajapakse →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.