Skip to content

Lyrics

සිංහල
සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය රුසිරු කොමලිය අභිරු සෙබළිය වී නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා ඉහට ඉහිලූ මුතුකුඩය සුනිමල් මුතුද ගිලිහී නොයන සේ බඩ මෙන් සුරැකි අන්දම් දැයෙන් පැලඳූ උතුම් හර සුවිපුල් සලෙල දන වෙත නොපා කුලඹර සඳ නැගූ එ ළඳුන් නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා කඳුල ඇතිරූ දිවි පෙතේ හසරැල් පැතුම් බොඳවී වැදුරු වී ඉරනමුදු සිත අදිටන් කුසුම් පිබිදූ අසිරි සිරි පවසම් ලොවට එලි කල සදා විකසිත දැය පිරූ පෙරුමන් සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය රුසිරු කොමලිය අභිරු සෙබළිය වී (නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා)...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.