Skip to content

Lyrics

සිංහල
ජීවිතයට ආදරේ ලැබුනේ මට පළමුවෙන් මා පැතුව ලෝකේ ඇරඹුමත් නුඹ දෙපළගෙන් සිහිවෙනවා මැණියනි සිහි කරමි පියතුමනි නිදුකින් ඉනු මැනවි නිදුකින් ඉනු මැනවි..... ලක් දෙරණ මත පියනගන්නට මට වරම් දුන් මා යනෙන මග සුබ කරනන්ට පසු පසින් උන්නු මට මුණ ගැසුණු හැමට කලින් හමුවුයේ නුඹ සෙනෙහසින් මේ භවයේ මෙන් මතු භවයෙදිත් නුඹේ පුතුම වෙන්නම් නුඹේ පුතුම වෙන්නම්...... දිවි මගේ වරදින්න යන තැන් මට පෙන්වා දුන්නු මගේ ලොවේ හිරු සඳු ලෙසින් මා ළඟින් උන්නු මට මුණ ගැසුණු හැමට කලින් හමුවුයේ නුඹ සෙනෙහසින් මේ භවයේ මෙන් මතු භවයෙදිත් නුඹේ පුතුම වෙන්නම් නුඹේ පුතුම වෙන්නම්...... ජීවිතයට ආදරේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.