Skip to content

Lyrics

සිංහල
ජීවිතේ මා හා එදා ආදරෙන් හිඳින්න සැමදා කී කතා ගොළු වී මෙදා පාළුවෙන් මා තනි වුණා විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා....... දුප්පත්ව මා ඉපිද ආදරය ඉල්ලන්න ආ නිසා ඔබ හැරගියා ඒ දුන්න දුක් ගින්න මා හදට වාවන්න බැරි බවම ඔබ දන්නවා..... විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා....... ජීවිතේ මා හා එදා.......... ඔබ සතුටු කරවන්න ඔබ ළඟින් මා ඉන්න දුටු සිහින අද බොඳවෙලා ඔබ නැතිව මා ගෙව්ව සිව් වසර ගතවෙන්න කල්පයත් මට මදි වුණා..... විඳගමි පැමිණෙනා දුක් සුසුම් වේදනා ඔබ තුටින් හිඳි නම් මේ සසර භවයේ පුරා....... ජීවිතේ මා හා එදා..........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.