Skip to content

Lyrics

සිංහල
ආදරේ තිබූ අවසාන බලාපොරොත්තුවත් හෝදා යන මොහොතේ දුක නැත්තේ කාටද ලොවේ හදවතින් පිදූ සම්බන්ධතා ඔයත් මරා දාලා හිත ඔබගේ ගල් ගැසුණේ කොහොමද මෙසේ මගේ මැට්ටියේ නුඹව සිහි ගන්වමින් වද වෙච්ච හැටි දන්නේ කවුරුද වෙනින් සරලවම කිව්වොත් ආදරේ නමින් මං හිටියේ පණ දෙන්න සූදානමින්..... දවසේ පළවෙනි ඇමතුම ඔබගෙන් නොවැරදීම ආවා නින්දට මත්තෙන් පැය දෙක තුන අපි හුඟක් දේ කිව්වා මගේ මැට්ටියේ ඔබ ඇත්ත දන්නේ නෑ ඔය ඇස් දෙකේ කෝ දුක ඇත්තේ නෑ මගේ මැට්ටියේ නුඹව සිහි ගන්වමින් වද වෙච්ච හැටි දන්නේ කවුරුද වෙනින් සරලවම කිව්වොත් ආදරේ නමින් මං හිටියේ පණ දෙන්න සූදානමින්..... පණ සේ නොදෙවැනි විදියට හිටියා මතක නැද්ද ඒවා සසරේ කොතැනක කොයි විදිහටවත් දුකක් නම් නොවේවා මගේ මැට්ටියේ ඔබ ඇත්ත දන්නේ නෑ ඔය ඇස් දෙකේ කෝ දුක ඇත්තේ නෑ..... ආදරේ තිබූ අවසාන.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.