Skip to content

Lyrics

සිංහල
හිතට මැවෙන හීන මාළිගා නෙතට නැගෙන කඳුළු රූ රටා තෝරා බේරා හරි පරිස්සමෙන් ජීවන අහස් කුසේ තටු සලමින් පියඹා යන නිදහස් කිරිල්ලියක් මං නිදහස් කිරිල්ලියක් මං... ගමේ සුවඳ තවමත් මට නිතර දැනෙනවා වෙල් එළි පැන දුවපු කාලේ සිනා මැවෙනවා දෑස පුරා දැකපු හීන අද සතුටින් සැබෑ කරන් ජීවන අහස් කුසේ තටු සලමින් පියඹා යන නිදහස් කිරිල්ලියක් මං නිදහස් කිරිල්ලියක් මං... නගරේ ජීවිතේ විටෙකදී නුහුර ගෙනෙනවා මව් පියන්ගේ සිනහා තුළින් කඳුළු නිවෙනවා මියැදෙන්නට නොදී පැතුම හෙට ලෝකෙක කිරුළු දරන් ජීවන අහස් කුසේ තටු සලමින් පියඹා යන නිදහස් කිරිල්ලියක් මං නිදහස් කිරිල්ලියක් මං... හිතට මැවෙන...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.