Skip to content

Lyrics

සිංහල
ඔබ අහස උණේ මා රිදවා දුක් දෙවන්නද එහි කඳුළු ලෙසින් මගෙ නෙත් යුග තෙත් කරන්නද ඔබ දුරක ගියේ මා හැරදා යළි නො එන්නද ඔබෙ මතක අතර පමණක් මා තනිකරන්නද නුඹ සයුර උණේ වෙරළේ මා හැර ඇදෙන්නද හැදු සිහින මාළිගා වැල්ලේ දිය කරන්නද යළි යළිත් මා සොයා ඇවිදින් මා පෙලන්නද දල රළ පහරට දුර ගෙනගොස් හැරදමන්නද නුඹ පොළව උණේ මගේ සිරුරේ බර දරන්නද මා මිහිදන් වන දිනයක් මගෙ හිස සිඹින්නද ඔබෙ උරහිස මත එක මොහොතක් හිස තියන්නද පෙර හුරු සුවඳට ආයෙත් මා පෙම් කරන්නද

More by Nimanthi Chamodani

View all songs by Nimanthi Chamodani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.