Skip to content

Lyrics

සිංහල
(මල් මල් හීනය හීතල උදයේ පැල්පත් මීදුම මැද රැඳිලා නිල්වන් අහසේ පින්බර යුගයක රන්වන් රන්වන් හිරු නැගිලා... ) සමනල කන්දේ කරුණා ඇල්ලෙන් තුන් සිංහලයේ වැව් පිරිලා මුණි තුන් සරණේ ආසිරි වැස්සෙන් සිතුවිළි කතරේ මල් පිපිලා මහ සාගරයේ මේ රන් දිවයින මී අඹ ගෙඩියකි අවාරයේ ඒ අඹ ගෙඩියේ මී මැස්සන් අපි නිබඳව හිනැහෙන දිවා රැයේ දෙදහස් පන්සිය වසරක් දුර සිට සිල්ගුණ වැගිරෙයි නිරන්තරේ මංගල සමයක තොරතුරු ලියැවෙයි සිංහල වංශයෙ කතන්දරේ මල් මල් හීනය හීතල.... (රන්වන් රන්වන් හිරු නැගිලා... )

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.