Skip to content

Lyrics

සිංහල
සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ කවදාද උන් උගන්නේ... කවදාද අපි උගන්නේ.... කවදා දෝ.... කෙල්ලෝ කොයිබදෝ මිටියාවතේ කෙල්ලෝ මිටියාවතේ කාලෙකට මත්තේ තරුණෝ උන් දිනූ මිටියාවතේ කවදාද උන් උගන්නේ... කවදාද අපි උගන්නේ.... කවදා දෝ.... තරුණෝ කොයිබදෝ මිටියාවතේ තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ තරුණෝ අවි දැරූ දිනූ මිටියාවතේ කවදාද උන් උගන්නේ... කවදාද අපි උගන්නේ.... කවදා දෝ.... තරුණෝ අවි දැරූ කොයිබදෝ තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ තරුණෝ සරු කෙරූ පස මිටියාවතේ කවදාද උන් උගන්නේ... කවදාද අපි උගන්නේ.... කවදා දෝ.... සරු පස කොයිබදෝ මිටියාවතේ සරු පස මිටියාවතේ කාලෙකට මත්තේ සරු පසේ මල් පිපී මිටියාවතේ කවදාද උන් උගන්නේ... කවදාද අපි උගන්නේ.... කවදා දෝ.... සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ කවදාද උන් උගන්නේ... කවදාද අපි උගන්නේ.... කවදා දෝ....

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.