Skip to content

Lyrics

සිංහල
(මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මඟදී හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී..... ) (අසාධාරණේ මේ මිනී මෝරු වගේ.... ) ලේ උරාබීලා රජ වී මරණෙදි යාවී කුණුවී මනුසතා ලෝකයේ ඉපදී මංමුලා වුනා මඟදී හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී...... වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී ඉන් එක ගොනෙක් වල්ගේ නැතිව වැනි වැනී වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී දුප්පත්කමත් වල්ගේ නැති ගොනා වැනී.... (අසාධාරණේ මේ මිනී මෝරු වාගේ.... ) ලේ උරාබීලා රජ වී මරණෙදි යාවී කුණුවී මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මඟදී හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී...... ඉස්සර නම් අපි එනකොට පුටුව දෙතී කුෂ්ට රෝග වන පිලියල් වැළඳ ගතී දැන් දැන් කලට ඇගෙ හැපුණත් කතා නැතී දුප්පත්තාට කොයි කවුරුත් ඔහොම ඇතී..... (අසාධාරණේ මේ මිනී මෝරු වාගේ.... ) ලේ උරාබීලා රජ වී මරණෙදි යාවී කුණුවී මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මඟදී හරී කියා කලේ වැරදි මරුවගේ අතේ පරදී......

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.