Skip to content

Lyrics

සිංහල
මතකයි ඔබ මා හැරගිය දවසේ මා තනි වූවා ගං ඉවුරේ එදා මැකී ගිය සඳ දිය රැල්ලට නෑ තවමත් පායා ආවේ මතකයි ඔබ මා හැරගිය දවසේ මා තනි වූවා ගං ඉවුරේ....... සෙනෙහස් ඔරුවක පාවී යනවිට ගඟුලට බැස ඔබ පා දිව්වා තනි වූ ඔරුවේ පාවී යන විට බොර දිය ඔච්චම් කෙරුවා මතකයි ඔබ මා හැරගිය දවසේ මා තනි වූවා ගං ඉවුරේ...... ඔබ සිහිවන විට තනි වූ මා සිත ගඟුලට යන්නට ඔරුව පදිනවා හබලට දැමෙනා බොර වූ දිය තද ඔබේ සුවඳ මට ගෙන එනවා...... මතකයි ඔබ මා.......

More by Miron Sri

View all songs by Miron Sri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.