Skip to content

Lyrics

සිංහල
කල්පයක් දුර කාලයක් මා ළඟින් රැඳිලා ඔයා මේතරම් පෙම් කළ නිසා ජීවිතේ මග ඔබ වෙලා ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා...... අපි මේ වගේ හැම අත් භවේ හරි ආදරෙන් හැසිරෙන්නැති හුරුවටම ඒ මට මේ භවේ සුදු අත ඔබේ හිමිවෙන්නැති බාධක කොතෙක් මග හමු වුණත් එය ශක්තියක් කරලා නොසැලී සිතින් අප උන් නිසා අද ජීවිතේ දිනුවා ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා...... දුක සැප දෙකේ අසලින් මගේ සෙවණැල්ල මෙන් රැඳිලා නෙතේ සතුටින් මෙසේ ඉමු හැම දිනේ හැරයන තුරා දිවියම අපි හීනයකවත් නොදුටුව රුව මාගේ විතරක් නිසා වෙන කව්රුවත් නොකෙරුව තරම් මං ආදරෙයි සැමදා ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා...... කල්පයක් දුර........

More by Mihiran Udana

View all songs by Mihiran Udana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.