Skip to content

Lyrics

සිංහල
මඩේ ලඟින තාරාවන් නාවන්නද මං ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං මෝඩ ගෑණිමං... මඩේ ලඟින... මදන ඇතුන් නෙලුම් හුයෙන් බැඳගන්නද මං දුවන මුවන් දැක ලන්නද නෙලූ පලා මං එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං... මඩේ ලඟින... හමන සුළන් මකුලු දැළෙන් වළකන්නද මං කොහොඹ ගහෙන් කොහොම සඳුන් මල් නෙළන්නෙ මං එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං...

More by Mercy Edirisinghe

View all songs by Mercy Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.