Skip to content

Lyrics

සිංහල
මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා රැව් නැගී තුරුණු හද දිනේ ජීවිතය අරුත දැන් දැනේ හැඟුම් පිබිදිලා දෙතොල් කොඳුරලා කතා කරයි පියා සල සලා සිහිනෙකින් හරී සිතන්නට බැරී ඉඳුනිලක් ලැබී කැළුම් දෙයි පිරී විමන් නොපතමී යොවුන් නොසොයමි ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමි නෙත් පියන් වැසීලා සිත තුටින් පිරීලා නින්දයයි සුවෙන් නිසංසලේ කොකුන් තවරලා සඳුන් මුසුවෙලා සුගන්දය ගලයි සුළගෙ විසිරිලා පෙරදි තැනකදී දිනෙක බැදි බැදී හිටිය හැටි සිතෙයි මතකෙ ඇඳි ඇඳී ඒ දිනෙත් එසේමයි ඒ දිනත් මෙවාගෙයි පෙම් පහන් දිලෙයි භවෙන් භවෙ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.