Skip to content

Lyrics

සිංහල
වෙන්ව දුර ඈත යන්න හිතුවාට මා දමා පාළුවේ ඉන්නෙ හිත ගාව සිහිව හැමදාම ඔබමයි මේ ලොවේ (මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්... ) හැර යන්න ඕනේ නම් රිදවන්න ඕනේ නම් පෙම් කෙරුවෙ ඒ වාගේ ඇයි සතුට වී මාගේ ඔබ ගාව ඉන්නයි හිතුවේ මුළු ජීවිතේ යලි නෑ ආයේ ඔය ඇස් දෑස මානේ (මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්... ) මගෙ හුස්ම ඔබ කී දැන් වෙන තැනක සතුටින් නම් සුභ පතමි හැම කාලේ නෑ වෛර මා කෙරුවේ ඔබ ගාව ඉන්නයි හිතුවේ මුළු ජීවිතේ යලි නෑ ආයේ ඔය ඇස් දෑස මානේ මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම් මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් නිවුන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.