Skip to content

Lyrics

සිංහල
නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ මගෙ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි මා සිත ඔබ කෙරේ මා සිත ඔබ කෙරේ මා සිත ඔබ කෙරේ.... නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ (රණ මොණරිය පරදන නෙතු සඟලක හිමිකාරී සුහදිනියේ වෙනවද නුඹ මගෙ ජීවන සහකාරී... ) මිනි පරදන හඬ මුකරී ඔබ නොමැතිව හිඳිනු බැරී මට දෙනවද ඔබගේ සෙනේ ඔබගේ සෙනේ ඔබගේ සෙනේහේ නෙත ළඟ දඟ කරනා...... (වන බඹරුන් වන මල් මත හිඳ කොඳුරන ගීතා මම මුමුනන්නම් මතු ඔබෙ මුළු දිවියම සනහා... ) ඉර හඳ මත දිවුරා රැකගමි මා ඉඳුරා ඔබ මා හට පුද දෙන සෙනේ පුද දෙන සෙනේ පුද දෙන සෙනේහේ නෙත ළඟ දඟ කරනා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.