Skip to content

Lyrics

සිංහල
ජාති ‍භේද ඕනෙ නෑ ආගමින් වැඩක් නෑ කලුයි සුදුයි කියලා බෑ දුක්වෙලා පලක් නෑ ඉතින් එන්න එක්වෙලා ආදරෙන් ලං වෙලා මිහිර විඳිමු සංගීතයේ ජාති ‍භේද ඕනෙ නෑ ආගමින් වැඩක් නෑ කලුයි සුදුයි කියලා බෑ දුක්වෙලා පලක් නෑ නැහෙන ලොවේ සතුරන් වී කවුරුද දිනුවේ අද සතුටු වෙලා වෛර බැඳන් කීම ලත වෙන්නේ එක මවගේ දරුවො වෙලා එක පොකුරේ මලක් වෙලා එකම රෑනේ තරුවැල් වීලා සිතේ සුසුම් ඉවත හෙලා සිනහා පොකුරු බිමට හෙලා ලෝකය ලස්සන කරවන්නම් ජාති ‍භේද ඕනෙ නෑ.... සොහොයුරු පෙම කවදාවත් නෑ පරදින්නේ වැට ඉනි තව බෙදාගන්න ඇයි වෙහෙසෙන්නේ පුංචි රටේ මිතුරො වෙලා සැක සංකා දුරු කරලා ප්‍රීති වෙන්න එන්න එක්වෙලා සියළු සටන් අත හැරලා අත්වැල් බැඳ එකතු වෙලා ගීතෙන් මුළු ලොව සැනසේවා ජාති ‍භේද ඕනෙ නෑ....

More by K Sujeewa

View all songs by K Sujeewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.