Skip to content

Lyrics

සිංහල
නුඹ මට හරස් වෙලා හිතට රහසක් වෙලා නුඹට ඕනෑ වෙලා ගියත් අපි වෙන් වෙලා ආයේ ඇවිදින් සොයා කීවත් නිදොස් වෙලා හිතනවාද මගේ ආදරේ යලිත් හිමි වෙයි කියා නුඹයි හැරගියේ මා නෙවෙයි මා නෙවෙයි මටත් වේදනා නෑ නෙවෙයි නෑ නෙවෙයි නෙවෙයි නෑ නෙවෙයි...... හේතු ඕනි නෑ මං අහන්නෑ කාරණා ආදරේ කියා නුඹ දුන් තරම් වේදනා නිවාපු හිත යලිත් නුඹ අවුළුවන්නට එපා ඒ ආදරේ ඇති ජීවිතේ පෑරුවා එදා නුඹේ අගේ මැකිලා මගේ හදේ එදා උන් මමත් ඒ නුඹත් අද නැතේ නුඹයි හැරගියේ මා නෙවෙයි මා නෙවෙයි මටත් වේදනා නෑ නෙවෙයි නෑ නෙවෙයි නෙවෙයි නෑ නෙවෙයි...... තීරණේ නුඹේ තේරුමක් නෑ අද හඬා නොකීව දේ වැඩි නුඹට මා කීවට වඩා ආදරේ නොවේ මා දුන්නේ ජීවිතේ එදා තියේද තව දුකක් මේ අහිමි වීමට වඩා නුඹේ හා මගේ අතීතේ නෑ හිතේ එදා උන් මමත් ඒ නුඹත් අද නැතේ..... නුඹ මට හරස් වෙලා......

More by Jeevana Fernando

View all songs by Jeevana Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.