Skip to content

Lyrics

සිංහල
රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම් දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ ලොවක හිරු එළිය සඳ පහන දැක ගන්න හෝ උරුම පින් මහිම නැති මා වාගේ අන්ධයෝ කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ තේජ අසමාන බලධාරි දෙවියන් පවා දෑස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා දෑස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ ළඳුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →
We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.